2025 ජූලි 11, පෙ.ව. 12:13
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සඳහා උපයන විට ගෙවීමේ බද්ද (APIT) ගණනය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත (අංක 12, 2016) යටතේ තොරතුරු ඉල්ලා ඇත.
ඒ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය වැටුප් තොරතුරු හෙළිදරව් කිරීමත් සමඟයි.
වෘත්තීයවේදීන් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඔවුන්ගේ ආදායම්වලට සාපේක්ෂව අය කරනු ලබන උපයන විට ගෙවීමේ බදු මුදල (PAYEE TAX) අතිශය අඩු අගයක් ගන්නා බවයි.
මෙම තත්ත්වය හමුවේ,
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස , 2025 ජුනි 30 වන දිනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ.
එසේම අදාළ එම් ලිපිය මගින්,
1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා වර්ග.
2. සියලුම මන්ත්‍රීවරුන්ට එකම දීමනා ප්‍රමාණයක් ගෙවන්නේද යන්න.
3. විවිධ දීමනා ප්‍රමාණයක් ගෙවන්නේ නම්, කාණ්ඩකරණය සඳහා භාවිතා කරන නිර්ණායක සහ කාණ්ඩ මොනවාද යන්න.
4. උපයන විට ගෙවීමේ බද්ද (APIT) සඳහා අදාළ වන අනුපාත මොනවාද යන්න.
5. උපයන විට ගෙවීමේ බද්ද ගණනය කිරීම සඳහා දීමනාවලින් නිදහස් කිරීම් තිබේද යන්න.
6. එවැනි නිදහස් කිරීම් තිබේ නම්, නීතිමය ප්‍රතිපාදන සහ ඒවා ආවරණය වන නිදහස් කිරීම් මොනවාද යන්න.
7. මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කරනු ලබන්නේ කෙසේද යන්න.
8. උපයන විට ගෙවීමේ බද්ද (APIT) ගණනය කිරීම සඳහා විශ්‍රාම වැටුපෙන් නිදහස් කිරීම් තිබේද යන්න.
විමසා තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත 2016 අනුව, වැඩකරන දින 14ක් ඇතුළත ඉහත තොරතුරු ලබා දෙන ලෙස GMOA සංගමය විසින් ඉල්ලා සිටියි.
2025 අගෝස්තු 27, ප.ව. 5:39
2025 අගෝස්තු 27, ප.ව. 3:06
2025 අගෝස්තු 27, ප.ව. 12:42
2025 අගෝස්තු 27, ප.ව. 12:34
2025 අගෝස්තු 27, පෙ.ව. 10:04
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25