hit counter

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි 24, පෙ.ව. 12:09



වතුකරයේ ජනතාවගේ වැටුප් ඉහළ දැමුවද එම ජනතාවට වතු සමාගම් විසින් කාලයක් තිස්සේ ලබාදුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සඳහන් කරයි.

මේ සදහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබාගැනීමට වතුකරය තුළ අරගල කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සඳහන් කරයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම එළිදක්වන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සඳහන් කරයි.

එම අවබෝධතා ගිවිසුම එළිකිරීමට රජය කටයුතු නොකිරීම තුළින් වතු කම්කරුවන්ට වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවද මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සඳහන් කරයි.

කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ විශේෂ රැස්වීමකට එක්වෙමින් මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: