2025 මාර්තු 02, පෙ.ව. 12:26
සියයට පහළොවක සේවා අපනයන බද්ද (Service Export Tax) පැනවීම හේතුවෙන් ක්ෂේත්‍රයේ නියැළී සිටින නිදහස් වෘත්තිකයන් 80,000ත් 100,000ක් අතර වූ පිරිස අතරින් 50%ක් පමණ දෙනා රට අතහැර යෑමේ අවදානමක් මතුවී ඇති බව නිදහස් වෘත්තිකයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පුවත්පතකට පවසා තිබෙනවා.
‘ඔන්ලයින් ව්‍යාපාර දැනටමත් තමන් බොහෝ අපහසුකම් මැද කරගෙන යන බව ත් රජයෙන් කිසිදු සහනයක් හෝ යටිතල පහසුකම් දියුණු කිරීමක් හෝ නොකර එක්වරම අලුත් බද්දක් පැනවීම වෘත්තිකයන් අධෛර්යවත් කිරීමක් බව ත් ඔහු සඳහන් කර තිබෙනවා.
ආර්ථික අර්බුද සමයේ ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමට නොදී රැකගත් ලාංකික තරුණ පිරිසට රජය මේ ආකාරයට සැලකීම අසාධාරණ බව ත් නව බදු ගෙවීමෙන් පසුව සැලකිය යුතු ලාභයක් ‘ඔන්ලයින් ව්‍යාපාරවලින් ලබාගත නොහැකි බව ත් ‘ෆ්‍රීලාන්සර් සංගමය චෝදනා කරයි.
ඒ අනුව, අලුත් තරුණ තරුණියන් බොහෝ පිරිසක් රට හැර යෑමේ අවදානමක පසුවන බව ඔහු කියා සිටියා.
ලංකාවේ සිට විශේෂඥ දැනුම අන්තර්ජාලය ඔස්සේ මුදලට ලබා දෙන පුද්ගලයන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්, සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන්, වෘත්තිකයන්, වෙනත් රටවල ව්‍යාපාර ලංකාවේ සිට සැලසුම් කරන්නන්, ගෘහ නිර්මාණ ශිල්පීන් හා සමාගම්, යූටියුබ්කරුවන්, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රවලින් මුදල් උපයන පුද්ගලයන්, අන්තර්ජාතික වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන්නන් (ඩ්‍රොප් ෂිපින්ග් ) ආදී සියලුම ක්ෂේත්‍ර සඳහා මේ නව සේවා අපනයන බද්ද පැනවේ.
සේවා අපනයන මුදල් ඉපැයීම් කරන ‘ෆ්‍රීලාන්සර් වෘත්තිකයන් 100,000 පමණ සිටින අතර ප්‍රධාන පෙළේ එබඳු සමාගම් 50ක් පමණ ඇත. එසේ ම මූලික මට්ටමේ සමාගම් 500ත් 1000 ත් අතර සංඛ්‍යාවක් ඇත.
මේ අතරින්, ප්‍රධාන පෙළේ සමාගම් මසකට ඩොලර් මිලියන 1ත් 2ත් අතර ප්‍රමාණයක් රටට ගෙන එන අතර ස්ථායි ලෙස උපයන ෆ්‍රීලාන්සර් වෘත්තිකයෙක් වසරකට ඩොලර් 15,000ක් පමණ උපයයි.
අය-වැය ඉදිරිපත් කිරීමේදී එම සේවා අපනයන සඳහා සියයට 15ක බද්ද ආයතනික බද්දක් – (Corporate tax) ලෙස ලැයිස්තුගත කර ඇත.
නමුත් පසුව ඉදිරිපත් කරන ලද දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත් මගින් එම බද්ද මාර්ගගත සේවාවන් සපයා (අපනයන) විදෙස් විනිමය උපයන පුද්ගලයන් හෙවත් ෆ්‍රීලාන්සර් වෘත්තිකයන් සඳහාත් අදාළ වී තිබේ.
මේ අනුව, දේශීය ආදායම් පනතට යෝජනා කර ඇති වෙනස්කම් යටතේ කිසියම් පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා දී වසරකට උපයන මුල් රුපියල් ලක්ෂ 18 නව බද්දෙන් නිදහස් කර ඇති නමුත් මීළඟ ලක්ෂ 10ක ඉපැයීම් සඳහා සියයට 6ක් බදු අය කෙරෙන බවත් ඉන්පසුව කරන සියලුම ඉපැයීම් සඳහා සියයට 15ක බදු ප්‍රතිශතයක් පැනවෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් මේ පිළිබඳව එම පුවත්පත කළ විමසීමේදී සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සේවා අපනයන සඳහා 30% ක බද්දක් යෝජනා කර ඇත.
එහෙත් රජය මැදිහත් වී සාකච්ඡා කර එය 15% දක්වා අඩු කර තිබේ.
සේවා අපනයන බද්ද පැනවීමට එරෙහිව පෞද්ගලික සමාගම් සහ පුද්ගලයන් දොස් නඟන නමුත් අලුත් බද්දට යටත් වීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඉහළ පෙළේ සේවා අපනයන සමාගමක අධ්‍යක්ෂවරියක පුවත්පතකට පැවසුවාය.
තම සමාගම සේවා ලබාගන්නා සමාගම් 700ක් සමඟ සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන බව ත් එහිදී විදේශීය විනිමය ලැබීම් සඳහා මේ දක්වා බදු ගෙවීම් නොකළ බවත් ආර්ථික අර්බුදය නිසා නව බදුවලට යටත් වීමට සිදුවන බව ත් ඇය කීවාය.
කෙසේ වෙතත්, නව සේවා අපනයන බද්දට යටත් වීමට සිදුවන බව ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත සිදුවන බැවින් බදු පැනවීමෙන් මිදීමට නොහැකි වනු ඇති බව ත් ඇය කීවාය.
නව බදු පනවනවා නම් රජය පාර්ශ්වයෙන් අන්තර්ජාල හා යටිතල පහසුකම් වර්ධනය කර දීමක් බලාපොරොත්තු වෙන බ ඇය කීවාය.
සියයට 15ක සේවා අපනයන බද්ද මෙවර අයවැය මගින් පැනවීම ඔස්සේ තමන් තවදුරටත් ගැටලුකාරී තැනකට පත්වන බවටත් බාහිර පාර්ශ්වයන්ට සේවා සපයන පුද්ගලයන් හා සමාගම් රජයට චෝදනා කරති.
රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කර ලංකාවේ පදිංචිව සිටිමින් අන්තර්ජාලය හරහා රටට විදේශ විනිමය ගෙන එන තරුණ තරුණියන් සහ සේවා සපයන්නන් වෙත අලුත් බදු පනවමින් අධෛර්යවත් කර ඇති බවත් ඔවුහු පවසති.
මෙම සේවා අපනයනකරුවන් රැකියා උපද්දවන බවත් ඔවුන් ‘ලංකා නාමයී ඉහළට අරගෙන යන නමුත් එම සේවා නිෂ්පාදන කරන්නන්ගෙන් බදු අය කිරීම අසාධාරණ බව ඔවුහු පවසති.
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:10
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25