hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:57


මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ දෙදෙනෙකු මරුට – තවත් 2ක් රෝහලේ

පුත්තලම නාරක්කල්ලිය ප්‍රදේශයේ වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු යම් ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබේ.

එම ස්ථානයේ පුද්ගලයින් සිව්දෙනෙකු සිට ඇති අතර, මුහුදේ සිට පාවී ආ බෝතලයේ තිබූ ද්‍රාවණයක් මෙලෙස පානය කර ඇති බව වාර්තා වෙයි.

එම ද්‍රාවණය පානය කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, ඉතිරි තිදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් අයෙකු මිය ගොස් ඇත.

අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වනවිටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: