2025 මැයි 23, පෙ.ව. 12:02
2022 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලයේ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හාරදහස් හයසිය හතළිස් දෙදෙනකු (4642) වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බව සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව 2022 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 ක්, හෙද හෙදියන් 2800 ක් හා වෛද්‍ය නිලධාරීන් 1116 ක් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇත.
එසේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සංක්‍රමණය වීම රටට මුල්‍යමය වශයෙන් විශාල හානියක් බව ඇමැතිවරයා මෙහිදි පැවසීය. සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජන තුළ මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදු වී ඇති බවත්, සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බවත් සමුළුව අමතමින් මෙහිදි ඇමැතිවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනා බවද අමාත්‍යවරයා සමුළුව අමතමින් පැවසීය.
2025 මැයි 23, පෙ.ව. 12:24
2025 මැයි 23, පෙ.ව. 12:20
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:07
23-05-25
23-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25