2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වාර්තා කර ඇත්තේ දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන් දහසකට (1000) වැඩි පිරිසකගේ රැකියා හිඟයක් පවතින බවයි. එම සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා සඳහන් කරන්නේ, මෙම තත්ත්වය මත රෝහල්වල ඖෂධ ලබාගැනීමේදී දිගු පෝලිම්වල රැඳී සිටීමට රෝගීන්ට සිදුව ඇති බවයි.
වසර පහක කාලයක් තුළදී ඖෂධවේදීන්ගේ අනුමත සේවක සංඛ්‍යාව යාවත්කාලීන වී නොමැති බවත්, මෙම තත්ත්වය මත මෙසේ ඖෂධවේදීන්ගේ හිඟය ඇතිවී ඇති බවත් සභාපතිවරයා පැවසුවේය.
එමෙන්ම මේ වනවිට දහසකට අධික ඖෂධවේදය පිළිබඳ හැදෑරීම් සිදුකළ උපාධිධාරින් රැකියා විරහිතව සිටින අතර මෙම උපාධිධාරින් බඳවා ගැනීමටද විධිමත් ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වාර්තා වේ.
එමෙන්ම වසර තුනක කාලයකින් උපාධිධාරීන් බඳවා ගැනීමක් සිදුකර නොමැති බවද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව තරුණ තරුණියන් 1000ට වැඩි ප්‍රමාණයකට රජයේ රැකියා සදහා බඳවා ගැනීම් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලයට දන්වා ඇතත් මෙතෙක් එම බඳවා ගැනීම් සිදුව නොමැති බව ද එම සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25