hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 02, පෙ.ව. 12:33



හය වසර නව විෂය නිර්දේශ මොඩියුලයකට සමරිසි වෙබ් අඩවියක යොමුවක් ඇතුළත් වීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ යුත්තේ ඊට වගකිව යුතු නිලධාරීන්ගේ වැඩතහනම් කර බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

මෙම මොඩියුල මුද්‍රණය සඳහා දැනටමත් රු. කෝටි 07කට අධික මුදලක් වැයකර ඇති බවත් එම මුදල් අයකර ගන්නේ කාගෙන් දැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙම සිදුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී අත පිසදා ගැනීම නොව වගකීම භාරගතයුතු බව අගමැතිනියට දැනුම් දෙන බව ද ජෝෂ්ප් ස්ටාලින් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: