hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 22, පෙ.ව. 12:02



පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර මුදලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

“මෛත්‍රීපාල සිරිසේන මහතා අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක්. එතුමාගේ බංකොළොත්භාවය වහ ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ කියන්නේ. ඇත්තටම කාදිනල් හිමිට ලැබුණු මුදලින් මිලියන 500කට වැඩි මුදලක් මේ වනවිටත් වින්දිතයින් වෙනුවෙන් කොළඹ කතෝලික සභාවේ අගරදගුරු හිමිපාණන් යටතේ තියෙන සහන සේවා ආයතනයක් වන සෙත්සරණ ආයතනය විසින් වියදම් කරලා තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ඉගැන්වීමක් තියෙනවා දකුණු අතින් දෙන දේ වමතට නොදැනෙන් දෙන්න ඕනේ කියලා. ඒ නිසා තමයි කතෝලික සභාවෙන් කරන දේවල් මාධ්‍ය හමුවේ ප්‍රචාරය නොකර බොහෝම රහසිගතව සිදුකරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: