2025 මාර්තු 25, පෙ.ව. 10:17
එළඹෙන ජූලි (01) වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සදහන් කරයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂ දහයට අඩු තැන්පතු සඳහා අමතර 3%ක තැන්පතු පොලියක් ලබාදීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සදහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ,
“මෙම නව පොලී යෝජනා ක්‍රමය වයස අවුරුදු 60ට සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අදාළ වෙනවා. බැංකු කිහිපයක තැන්පතු තිබුණත් එය නොසලකා හරිමින් එක් තැන්පතු කරුවකු වෙනුවෙන් උපරිම තැන්පතු මුදල ලක්ෂ දහයක් දක්වා මෙය වලංගු වෙනවා.
තැන්පතුකරුවන් ලක්ෂ දහය නොඉක්මවන තාක් කල් බැංකු කිහිපයක වුණත් මේ ස්ථාවර තැන්පතු විවෘත කරන්න පුළුවන්. මෙම යෝජනා ක්‍රමය වසරක කාලයක් ක්‍රියාත්මක වෙනවා. පොලිය මාසිකව ආපසු ලබාගත යුතුයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයේ ඔසුසල් වලින් ඖෂධ මිලදී ගැනීම කාඩ්පත් භාවිතයෙන් කරන්නේ නම් සියයට තුනක වට්ටමක් ලැබෙනවා. මුදල් වලින් ගෙවනවා නම් සියයට පහක වට්ටමක් ලැබෙනවා.”
2025 මාර්තු 26, පෙ.ව. 12:34
2025 මාර්තු 26, පෙ.ව. 12:27
2025 මාර්තු 26, පෙ.ව. 12:20
2025 මාර්තු 26, පෙ.ව. 12:09
2025 මාර්තු 26, පෙ.ව. 12:08
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25
23-03-25