hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:04



වී ගොවින් සඳහා වන පොහොර සහනාධාරය සහ ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරය ලබාදීමට රජය ගත් තීරණයට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

ඒ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගත් තීරණය ජනාධිපතිවරණය හේතුවෙන් අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළ බවයි ඔහු අවධාරණය කළේ.

2024/25 මහ කන්නයේ කුඹුරු හෙක්ටයාරයක පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ දමන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් භාණ්ඩගාර ලේකම්ට උපදෙස් ලබාදී තිබුණා.

එමෙන් ම බහුදින ධීවරයින් සඳහා ලබා දෙන භූමිතෙල් සහ ඩීසල් සහනාධාරය ද ඉහළ දැමීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ.

මේ අතර විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.

අදාළ වැඩසටහන ද ජනාධිපතිවරණය හේතුවෙන් අත්හිටුවීමට පියවර ගත් බවයි කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ.

Monara
Monara
Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: