hit counter

2025 මාර්තු මස 03 වන සඳුදා

2025 මාර්තු 03, පෙ.ව. 10:40



ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත තීරුබදු සූත්‍රය අනුව එවක පැවති ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරුන්, අධිකරණ තීන්දුව ප්‍රකාරව කටයුතු නොකළ බවට නැගෙන චෝදනාවලට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් එල්ල කරන චෝදනා නොමඟයවන සුළු බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත තීරුබදු සූත්‍රය පැවති රජය විසින් ක්‍රියාවට නැංවීම වළක්වමින්, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය 2022 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහ 2023දී අභියාචනාධිකරණයෙන් නියෝග ලබාගෙන තිබූ බව එහි දැක්වෙනවා.

කෙසේවෙතත් 2024 අගෝස්තු 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය අවලංගු කරමින් නියෝගයක් ලබා දී ඇති අතර ආණ්ඩු පෙරලිය වන විට එම නියෝගය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය උපදෙස් විමසමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය නීතිපති කාර්යාලයට ලිපියක් ද යොමුකර තිබූ බව එම ‘X’ පණිවුඩයේ සඳහන්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: