hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 04, පෙ.ව. 9:36



විදුලිය විසන්ධි කරන වේලාවන් පැවසීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් මේ රටට අවශ්‍ය නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අනාවරණය කළා.

එම කොමිෂන් සභාව කලයුතු වන්නේ විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමත් එම ව්‍යාපෘති වලට අකුල් හෙළන පාර්ශවයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම බවත් අමාත්‍යවරයා පවසයි.

විදුලිබිල වැඩි කරනැයි කීමට මහජන උපයෝගීතා කොමිසමක් රටට අවශ්‍ය නොවන බවත් එය මහජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් බැවින් එය කටයුතු කළ යුත්තේ විදුලි බිල අවම කර ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දායක වීමට බවත් අමාත්‍යවරයා පවසයි.

මෙම කොමිෂන් සභාව මෑතකදී ආරම්භ වූවක් නොවන බවත් එම නිසා රටට ඵලදායි ව්‍යාපෘතියක් ගෙන ඒමටත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.