2023 අගෝස්‍තු 28, ප.ව. 4:34
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන වන රන්දෝලි පෙරහැර අද (28) වීථි සංචාරය කරයි.
රාත්‍රී 07 පසුව විනාඩි 15 ට දකුණු දිසාමුඛව සිව් මහා දේවාල පෙරහැර කැටුව ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ වන පෙරහැර වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදිය ඉහලට විත් ගෙවැදීමට නියමිතයි.
මේ වන විට පෙරහැර නැරඹීම සඳහා මහනුවර නගරයට ලක්ෂ සංඛ්‍යාත වූ දෙස් විදෙස් ජනතාවක් පැමිණෙන අතර මහනුවර නගරයේ ආශ්‍රිත සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර සියල්ල පිරී ඇති බවද ව්‍යාපාරිකයෝ පවසති.
මේ වන විට ඇතැම් ජාවාරම්කරුවන් රන්දෝලි පෙරහැර නැරඹුම් ආසන රුපියල් 50.000 ක් වැනි ඉහල මිලකට අලෙවි කරන බව සඳහන් වන අතර මහනුවර නගරයට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනවා.
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:05