hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 27, ප.ව. 3:31



හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පෝලිමේ රැදි සිටිමින් තමන්ට භූමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු බව හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් කියා සිටිනවා.

එම ඉන්ධන පිරවුම්හලට භූමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ඊයේ (26) අලුයම 5.00 සිට දිගු පෝලිම් වල රැදි සිටි අතර , එම ඉන්ධන පිරවුම්හලට ඊයේ (26) උදෑසන 11.30 පමණ භූමිතෙල් ලිටර් 3300 ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් නිකුත් කර තිබුණා.

ඊයේ (26) රාත්‍රි 10.00 පමණ වන තෙක් පෝලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් 2000කට අධික පිරිසකට භූමිතෙල් අලෙවි කල බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.

ඊයේ (26) උදෑසන එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමග පෝලිම් වල රැදි සිටි පිරිස් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට යාමේදි යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් සමග පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.