2023 සැප්තැම්බර් 11, පෙ.ව. 9:40
කොග්ගල ප්‍රදේශයේ ධීවර ප්‍රජාව පවසන්නේ ඓතිහාසික කොග්ගල ඔයෙහි මෝය කට අනවසර පිහිනුම් තොටුපළක් බවට පත් වීම නිසා මේ වන විට ජීවිත 50කට අධික ගණනක් මුහුදට බිලිවී ඇති අතර ධීවරයන්ගේ වෘත්තීය ජීවිතය ද අහිමි වී ඇති බවයි.
ඊට අමතරව කොග්ගල ඔයෙහි මත්ස්‍ය සම්පතටද හානි වීමට පටන්ගෙන ඇති බව ඔවුන් පවසනවා.
මහජන නියෝජිතයෙකුගේ අවශ්‍යතාවය මත හබරාදූව ප්‍රාදේශීය සභාව සිදු කරනු ලැබූ ඉදිකිරීමක් නිසා මෙම මෝය කට නාන තැනක් බවට පත් වී ගිය බවත්, ඒ අසල වැල්ලේ අනවසර කඩ ඉදිකිර ඇති බවත් ධීවරයෝ පෙන්වා දෙනවා.
මේ වන විට මෙහි මසුන් ඇල්ලූ ධීවරයන් සිය ගණනකගේ ජීවිකාව පවා නතර වී ඇති බවත් ඔවුන් පවසනවා.
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ මෝය කටවල්වල නෑම බරපතල නීති විරෝධී ක්‍රියාවක් බැවින් එයට කිසිසේත් ම ඉඩ නොදිය යුතු බවයි.
වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ එම ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම ඇති බවත් ඒවා ඉවත් කරලීමට දන්වා ඇති බවත් ය.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08