2025 අප්‍රේල් 10, පෙ.ව. 12:18
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි නායකයන් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මෙවැනි ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී ලෝකයේ ඇතැම් නායකයන් දුරකතනයෙන් අදාළ නායකයන් අමතා ගැටලු විසඳා ගත් බවයි ඔහු සඳහන් කළේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එවැනි නායකයන් දැනට සිටින්නේ විපක්ෂයේ වන අතර විපක්ෂයේ නායකයන් බොහෝ පිරිසකට එවැනි පරණ මිත්‍රකම් යාළුකම් තිබෙන හෙයින් එවැනි මිත්‍රකම් යාළුකම්ක යොදගෙන පසුගිය කාලයේදී ලොකු වැඩ කරගත් බව ද ඔහු සඳහන් කළේය.
ඇමරිකාව බදු පැනවීමෙන් ඇතිවූ ගැටලුව විසඳා ගැනීමට එරටේ නායකයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට පරිණත කණ්ඩායමක් පත් කරන ලෙස තමන් යෝජනා කරන බවයි, ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:25
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 18, පෙ.ව. 12:14