hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 4:12



අධිකරණයට බලපෑම් එල්ල කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අද (03) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

අධිකරණයට ස්වාධීන විනිශ්චයක් ලබා දීම සඳහා අවස්ථාව තිබේද යන කාරණය පිළිබඳ  සැලකිලිමත් නොවී ‘පැක්ටරියක් වගේ පනත් ගෙනාවාට වැඩක් නැති’ බව ඔහු තවදුරටත් අවධාරණය කළා.

මේ අතර, ඡන්දය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක්දී තිබුණද ආණ්ඩුව ඒ වෙනුවෙන් මුදල් වෙන් නොකළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දියාරු කරන්න නොවේදැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටියා.

ඔහු තවදුරටත් පැවසුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් විනිශ්චයකාරවරු බිය ගැන්වීමට ඔවුන්ව වරප්‍රසාද කමිටුවටද ගෙන්වා ඇති බවයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: