2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 8:52
ප්‍රකට කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදුකර තිබෙනවා.
එහිදී මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට අණාවරනය වී තිබෙනවා.
ඒ බව බම්බලපිටිය පොලීසිය සඳහන් කළා.
ඊයේ (23) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා.
ඒ ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරනු ලැබිණ.
එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් සිදු කළා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08