2025 ජූලි 01, පෙ.ව. 12:10
මෙරට නිෂ්පාදනය කරන සහල්, මත්පැන් නිෂ්පාදනය සඳහා මින් ඉදිරියට ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන බවත් කෘෂිකර්ම, ඉඩම්, වාර්මාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
මත්පැන් නිෂ්පාදනය සඳහා ආනයනය කරන සහල්, දේශීය වෙළෙඳපොළට නිකුත් වීම වැළැක්වීම සඳහා අදාළ සහල් තොග සතොස ගබඩා මඟින් විධිමත් ලෙස බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඒ මහතා කීය. ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා මෙසේ ද පැවසුවේය.
“කාලගුණික තත්ත්වයේ අයහපත් බලපෑම නිසා පසුගිය මාස් කන්නයේ අපේක්ෂා කළ වී අස්වැන්න වෙත ළඟාවීමේ හැකියාවක් ලැබුණේ නැහැ. පාරිභෝගිකයන්ට මේක අර්බුදයක් ලෙස දැනෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මාස් කන්නයේ ගොවීන්ට වී සඳහා හොඳ මිලක් දෙමින් ගොවි ජනතාවගේ ප්‍රශ්නය විසඳුවා. අපේක්ෂා කළ අස්වැන්න නොලැබුණු නිසා පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ඉදිරියේදී අභියෝගයක් තිබෙනවා. ඒ නිසා අවශ්‍ය කරන සහල් ප්‍රමාණය විධිමත් ක්‍රමවේදයක් යටතේ විදේශ රටවලින් ගෙන්වනවා.
විපක්ෂය කියන අදේශපාලනික සත්ත්ව වර්ගයා පසුගිය සිංහල හා දෙමළ අවුරුදු සමයේදී කිරිබත් කන්නත් සහල් නැති වන බව සාවද්‍ය මත සමාජගත කරන්න උත්සාහ කළා. නමුත් එහෙම හිඟයක් අති වුණේ නැහැ. මේ වගේ ජනතාව බිය වද්දන දේවල් ඉදිරියේදීත් විය හැකියි. අපේ විපක්ෂය ජාතික වශයෙන් හිතන්න තරම් තාම දියුණු නැහැ. ඉදිරියේදී රටේ සහල් හිඟයක් ඇති වීමට ඉඩක් නොවන බව ස්ථිරව ප්‍රකාශ කළ හැකියි.”
2025 ජූලි 01, පෙ.ව. 12:19
2025 ජූලි 01, පෙ.ව. 12:09
2025 ජූලි 01, පෙ.ව. 12:06
2025 ජූලි 01, පෙ.ව. 12:06
2025 ජූලි 01, පෙ.ව. 12:04
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
29-06-25
29-06-25
29-06-25
29-06-25