hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17



ලෝක ප්‍රසිද්ධ පාපන්දු තරුව, ලියොනල් මෙසී සිය ඉන්දීය සංචාරයේදී ජම්නගර් හි පිහිටි වනජීවී සුරැකුම් සහ සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන ‘Vantara’ වෙත ගොස් තිබුණා.

සුප්‍රකට ‘Vantara’, අනන්ත් අම්බානි විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්. එය සතුන් මුදාගැනීම, පුනරුත්ථාපනය සහ සංරක්ෂණය සඳහා කැප වූ සුවිශේෂී මධ්‍යස්ථානයක් වනවා.

එහිදී මෙසී සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට සහභාගී වෙමින් එහි සංරක්ෂණ කණ්ඩායම් සමඟ සුහද සාකච්ඡාවක ද නිරත වීම විශේෂයි.

ඔහු එහිදී සතුන් වෙනුවෙන් ‘Vantara’ සිදු කරන සේවය, සතුන් මුදාගැනීම සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය සැබවින්ම සුන්දර මෙන්ම ආකර්ෂණීය බව කියා තිබුණා.

මෙසීගේ ඉන්දීය සංචාරයට Luis Suarez, Rodrigo De Paul ද එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: