2026 ජනවාරි 12, පෙ.ව. 12:16
මේ වන විට රටේ ප්‍රධානතම මාතෘකාව අධ්‍යාපනය වුවද, ඇතැම් පාර්ශ්ව අධ්‍යාපනයට වඩා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව අනවශ්‍ය ලෙස අවධානය යොමු කරමින් සිටින බවට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත චෝදනා කරයි.
විශේෂයෙන්ම ආගමික නායකයන් යැයි කියාගන්නා පිරිසක් අග්‍රාමාත්‍යවරියගේ හැසිරීම්, චර්යා රටාවන් සහ ඇය කැමති අකමැති දේවල් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔවුන් සැබෑ ලෙසම අධ්‍යාපන පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡා නොකරන බව ද
වත්මන් රජය අපේක්ෂා කරන්නේ “අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්” නොව “අධ්‍යාපන පරිවර්තනයක්” බව ද හෙතෙම අවධාරණය කරයි.
අධ්‍යාපන පරිවර්තනයට විරෝධය දක්වන සහ අග්‍රාමාත්‍යවරිය විවේචනය කරන ඇතැම් පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම ඔවුන්ගේ හැසිරීම් තුළින්ම මැනවින් පැහැදිලි වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙයි.
“විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරිය.. තනිකර කතා කරන්නේ කුණුහරුප” යයිද ප්‍රසිද්ධියේ කුණුහරුප කතා කිරීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයේ ස්වභාවය පෙන්නුම් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
2026 ජනවාරි 12, පෙ.ව. 12:38
2026 ජනවාරි 12, පෙ.ව. 12:29
2026 ජනවාරි 12, පෙ.ව. 12:22
2026 ජනවාරි 12, පෙ.ව. 12:21
2026 ජනවාරි 12, පෙ.ව. 12:13
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
11-01-26
11-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26