hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 මාර්තු 07, පෙ.ව. 12:07



ගත වූ පැය 24 ක කාලය තුළ මෙරට වායු තත්ත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

වායු තත්ත්ව දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය 127ක් ලෙස සටහන් වූ අතර මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද පුත්තලම නගරයේ 88 ක්ද කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86 වශයෙන්ද සටහන් වෙනවා.

මේ අතර රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: