2024 මාර්තු 09, පෙ.ව. 12:09
            
රජය විසින් ප්‍රතිපත්ති තීන්දු දෙකක් ගත් බවත් අඩු විදුලි බිල තියෙන නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව එම මුදල් ගෙවීමට යම් කාලයක් ලබා දෙන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
ඒ අනුව නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කළේ,
”පසුගිය කාලයේ අපි ප්‍රතිපත්ති තීන්දු 2ක් ගත්තා. පළමු කාරණාව ඉතාමත් සුළු විදුලි බිල් තියෙන නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමකින් තොරව ඔවුන්ට යම් කාලයක් ලබාදෙන්න. ඒක පියවීම සඳහා. ඒ වගේම රුපියල් 3000ක පමණ තිබුණු නැවත සම්බන්ධතාවය ලබාදීමේ මුදල රුපියල් 1300ක් දක්වා අඩුකළා. ඊට අමතරව මේ අවුරුද්දේදී ඒක රුපියල් 800ක් දක්වා අඩුකරන්න අපි කටයුතු කරලා තියෙනවා. නව සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සම්පූර්ණ මුදල ගෙවන්නේ නැතුව රුපියල් 51000 කියලා තමයි කියන්නේ. ඒක දැන් අඩුවෙලා තියෙනවා රුපියල් 35,000 ත් 40,000 ත් අතර මුදලකට. ඒ මුදලින් 25%ක් පමණක් ගෙවලා ඉතිරි කොටස් වාරික වශයෙන්, වාරික 10කින් හෝ 12කින් ගෙවන්න පහසුකම විදුලි බල මණ්ඩලයෙන් හඳුන්වා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒකට අනුමැතිය ලැබිලා තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒක නිල වශයෙන් දැනුවත් කිරීම කරයි.”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25