2025 ඔක්‍තෝබර් 22, ප.ව. 12:48
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නමින් ප්‍රකටව සිටි දේශපාලනඥයා, අද උදෑසන සිය කාර්යාලයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ දේශපාලන ගමන් මග මෙන්ම, ඔහුට එල්ල වූ අපරාධ චෝදනා සහ පාතාල සම්බන්ධතා පිළිබඳව ද මෙම සිදුවීමත් සමග නැවතත් කරළියට පැමිණ තිබේ.
සිද්ධිය වූ අද (22) දින උදෑසන, ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිය සභාපති අසුනේ රාජකාරියේ නිරතව සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. මූලික පොලිස් පරීක්ෂණවලට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු “ලිපියක් අත්සන් කර ගැනීමට” අවශ්‍ය බව පවසා සභාපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වී තිබේ. පසුව ඔවුන් සභාපතිවරයාට ඉතා ආසන්නයට පැමිණ වෙඩි තබා පළා ගොස් ඇති බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වික්‍රමසේකර මහතා, ප්‍රාදේශීය සභා නිලධාරීන් විසින් වහාම මාතර මහ රෝහල වෙත රැගෙන ගියද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ලසන්ත වික්‍රමසේකර, 2018 වසරේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ඇති අතර, 2025 පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය යටතේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මිදිගම බටහිර කොට්ඨාසයෙන් තරඟ කර සභාපති ධූරයට පත්විය. කෙසේ වෙතත්, ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළින්ම දැඩි විරෝධයක් එල්ල වූ බවට එකල වාර්තා පළ විය.
පසුගියදා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන තාරක නානායක්කාර මහතාට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවකට අදාළ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට වරෙන්තුද නිකුත් කර තිබුණි. එමෙන්ම, තාරක නානායක්කාර මන්ත්‍රීවරයාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද වික්‍රමසේකර මහතා වෙත චෝදනා එල්ල වී තිබූ නමුත්, පසුව හෙළිදරව් වූ දුරකතන සංවාදයකට අනුව, එම වෙඩි තැබීම පිටුපස සිටින්නේ ආණ්ඩු පක්ෂයේම පිරිසක් බවටද කතාබහක් සමාජය තුළ ඇති විය.
“මිදිගම ලසා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ලසන්ත වික්‍රමසේකර, සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘හරක් කටා’ හෙවත් නදුන් චින්තක නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූවෙකු බවටද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
මීට අමතරව, 2008 වසරේදී අවි පෙන්වා ඇඟලුම් සේවිකාවකගේ රන් භාණ්ඩ කොල්ලකෑම, පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමට ආධාර අනුබල දීම, ටී-56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම, මුදල් වංචා කිරීම් සහ ‘සන්ෂයින් සුද්දා’ නැමැති අපරාධකරුවෙකුගේ ඝාතන සැලැස්මක් මෙහෙයවීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු කිහිපයක්ම විභාග වෙමින් පැවති බවද වාර්තා වේ.
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:03
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 3:19
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 2:01
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:31
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:12
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
17-10-25
17-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
12-10-25
12-10-25
12-10-25
12-10-25
10-10-25
10-10-25