2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය, ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුවන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූවක් බවට පොලිස් විමර්ශන අංශ මේ වන විට තහවුරු කරගෙන තිබේ.
මෙම ඝාතන සැලසුමේ ප්‍රධාන චරිතයක් ලෙස, කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හරක් කටාගේ සමීපතම ගෝලයෙකු වන ‘මිදිගම චූටි’ නැමැත්තා ක්‍රියාකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
විමර්ශකයින්ට දැඩි හිසරදයක් වී ඇත්තේ, ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් පවා නිකුත් කර තිබූ ‘මිදිගම චූටි’, පසුගිය ජුනි මාසයේදී ඕමාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබියදීත්, මෙම ඝාතනය මෙහෙයවීමට ඔහු සම්බන්ධ වූයේ කෙසේද යන්නයි.
ඕමාන් අත්අඩංගුවේ සිටියදීම ඔහු මෙම ඝාතන සැලසුම සඳහා යොදාගත් දුරකතන අංක කිහිපයක් පිළිබඳව ද විමර්ශකයින්ට තොරතුරු ලැබී ඇති අතර, එම අංක ජාත්‍යන්තර පොලීසිය හරහා ඕමානයට යොමු කර වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා වෙඩික්කරු සෘජුවම මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිටින ‘රජිත’ සහ ‘ඩුබායි ලොක්කා’ නමින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.
ඔවුන් ජංගම දුරකතන අංක කිහිපයක් ඔස්සේ වෙඩික්කරු සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙමින්, ඝාතනය සිදු කළ යුතු ආකාරය, පලා යා යුතු මාර්ග සහ සැඟවී සිටිය යුතු ස්ථාන පිළිබඳව පියවරෙන් පියවර උපදෙස් ලබා දී තිබේ.
ඝාතනය සිදු වූ දින උදෑසන, ඩුබායි සිට ලැබුණු උපදෙස් මත වෙඩික්කරු වැලිගම පාලමක් අසලට ගොස් ඇති අතර, එහිදී නාඳුනන පුද්ගලයෙකු විසින් ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය ඔහු අතට පත් කර ඇත.
එතැන් සිට විනාඩි දහයක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රාදේශීය සභාව වෙත ගොස් සභාපතිවරයාට වෙඩි තබා, නැවතත් එම ස්ථානයටම පැමිණ ගිනි අවිය රැගෙන ආ පුද්ගලයාටම භාර දී ඔහු පළා ගොස් තිබීම, මෙම අපරාධය කෙතරම් සැලසුම් සහගතව සිදුකර ඇත්ද යන්නට හොඳම සාක්ෂියකි.
ඝාතනයෙන් පසු, ඩුබායි සිට ලැබුණු රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත් මුදල ගමන් මල්ලක දමා මාතර ප්‍රදේශයේදී වෙඩික්කරු අතට පත් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබිණි. “පොලීසිය පන්නනවා, ඉක්මනින් පැනපන්” යනුවෙන් ඩුබායි වෙතින් ලද උපදෙස් මත, ඔහු සිය බිරිඳ සහ දරුවා ද රැගෙන අම්බලන්තොට ප්‍රදේශයට ගොස්, එතැනින් සිය පලා යාමේ මෙහෙයුම ආරම්භ කර ඇත.
කතරගම දෙසට පලා යන අතරතුර, ඝාතනය සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද ඔවුන් සමග එක්වී තිබේ. ගල්ගේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකදී යතුරුපැදිය අතහැර දමා, එම ස්ථානය ඩුබායි වෙත වට්ස්ඇප් ඔස්සේ යැවීමටද ඔවුන් කටයුතු කර ඇති අතර පොලීසිය එම ස්ථානයට ළඟා වන විට යතුරුපැදිය තිබී නැත.
අනතුරුව වැල්ලවාය, මහියංගනය හරහා අනුරාධපුරය බලා ගමන් කරමින් සිටියදී, මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණින් කැකිරාව ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබේ.
එහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකතන ජාල විශ්ලේෂණ ඔස්සේ ඔවුන් රැඳී සිටි ස්ථානය නිශ්චිතව හඳුනාගෙන, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ යුද හමුදාවේ ද සහාය ඇතිව ප්‍රදේශය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී යතුරුපැදිකරු සහ වෙඩික්කරුගේ බිරිඳ කොටු වුවද, ප්‍රධාන වෙඩික්කරු පොලීසිය සමග පොරබදා එතැනින් පලා යාමට සමත් විය.
නැවතත් ඩුබායි වෙතින් ලද උපදෙස් මත කොළඹට පැමිණි වෙඩික්කරු, දැඩි මත්ද්‍රව්‍ය අවශ්‍යතාවයකින් පෙළෙමින් සිට ඇත. ඔහුව බොරැල්ල, සහස්පුර ප්‍රදේශයට යොමු කර, එහිදී වෙනත් පුද්ගලයෙකු මුණගස්වා මත්ද්‍රව්‍ය ලබා දීමටත්, පොලීසියෙන් බේරීම සඳහා කොණ්ඩය සහ රැවුල කපා වෙස් මාරු කිරීමටත් ඩුබායි කණ්ඩායම කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත්, වෙස් මාරු කර සිටියද, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් සැකකරුගේ විවිධ ස්වරූපයන් ත්‍රිමාණ රූප 08ක් ලෙස සකස් කර, ඒ පිළිබඳව සියලුම බුද්ධි අංශ නිලධාරීන් දැනුවත් කර තිබීම, ඔහුව හඳුනා ගැනීමට ඉවහල් විය. ඒ අනුව, මහරගම, නාවින්න ප්‍රදේශයේදී නව දුරකතනයක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී, රාජකාරි නිමවී යමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුව හඳුනාගෙන, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කොටු කර ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ බිරිඳ සතුව තිබී, ඝාතන කොන්ත්‍රාත්තුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් සොයාගෙන ඇති අතර, සෙසු මුදල් පලා යන අතරතුර විවිධ අවශ්‍යතා සඳහා වැය කර ඇති බවට අනාවරණය වී තිබේ. මෙම ඝාතනය මෙහෙයවූ ‘රජිත’ සහ ‘ඩුබායි ලොක්කා’ යන අය, මෙරටින් පලා ගොස් විදෙස්ගතව අපරාධ මෙහෙයවන ප්‍රධාන පෙළේ පාතාල නායකයින්ගේ ලැයිස්තුවේ මෙතෙක් වාර්තා වී නොමැති පුද්ගලයන් වීම, විමර්ශන අංශවල දැඩි අවධානයට ලක්වී ඇත.
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:05
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25