hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 05, පෙ.ව. 9:47



ඔබගේ ජංගම දුරකතනයට එදිනෙදා භාවිතා කරන අවස්ථාවල විවිධ වර්ගයේ පණිවිඩ ලැබෙනවා.

මෙම පණිවිඩ අතරින් සමහරක් විට ඔබ දැකලා ඇති ලින්ක් එකක් එක්ක සමහර පණිවිඩ එන්න පුළුවන්.

සමහර වෙලාවට මේ ලින්ක් එක හරහා ඔබගේ වටිනා පෞද්ගලික තොරතුරු ලබා ගන්න දරණ උත්සහයක් වෙන්න පුළුවන්.

මේ පණිවිඩ දිහා බලද්දී ගොඩක් වෙලාවට ඔබව රවටා ගන්න ස්වරූපයෙන් මේ ලින්ක් ගොඩක් වෙලාවට එන්න පුළුවන්.

මේ ලින්ක් වල ඔබට බලපුවම තේරෙනවා යම්කිසි ත්‍යාග මුදලක් ජයග්‍රහණය කරලා, එහෙම නැත්තම් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන මුවාවෙන් මෙවැනි විවිධ වර්ගයේ ස්වරූපයෙන් ලින්ක් ඔබට ලැබෙන්න පුළුවන්.

එහිදී එම ලින්ක් ක්ලික් කිරීමෙන් වලකින්න.

ගොඩක් වෙලාවට සමහර අවස්ථාවල මේ ලින්ක් එක ක්ලික් කිරීම හරහා ඔබගේ ජංගම දුරකතනයට ව්‍යාජ මෘදුකාංගයක් ස්ථාපනය වෙන්න හැකියාවක් තියෙනවා.