hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 07, ප.ව. 8:17



සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන අප්‍රේල් 12 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, 2025.04.12 දින සිට 2025.04.14 දින දක්වා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රු. බී 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව පවතිනවා.

මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇ‍ති බවද  සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: