hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 අප්‍රේල් 10, පෙ.ව. 11:08



අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සිල්ලර මත්පැන්හල් දින තුනකට වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් අප්‍රේල් (12), (13) සහ (14) යන තෙදින සියලුම සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබීමට තීරණය කර ඇත.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ඉහළට බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා ස්ථානවල නේවාසිකව රැදී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට හැකියාව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: