hit counter

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 09, ප.ව. 2:56



 බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම අඩු වෙමින් පවතින බව 2025 සහ ඉදිරිය සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකායෙහි සඳහන්කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (08) ප්‍රකාශයට පත් කළා.

මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, ඉදිරි කාලයේදී ආර්ථිකය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායිව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

සැපයුම් අංශයේ මිලෙහි ඇතිවූ වෙනස්කම්වල බලපෑම හේතුවෙන් සිදුවූ අවධානම්කාරී තත්ත්වය මේ වසරේ මුල් භාගයේද පවතිනු ඇති බවත්, ලබන වසරේ අග භාගයේදී උද්ධමනය එහි ඉලක්කය කරා ළඟා වෙනු ඇතැයි පුරෝකථනය කරන බවත් වීරසිංහ මහතා පැවසුවේ ය.

මේ වන විට බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම් අඩුවෙමින් පවතින බවත්, අඩු පොලී අනුපාතිකයන් යටතේ ණය ලබා ගැනීමට හැකිවන පරිදි මහ බැංකුව වෙළෙදපොළෙහි දැනට පවතින ඉහළ පොලී අනුපාතික අඩු කිරීමට බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග සමීපව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනයක් සිටින පසුබිමක ඉතුරුම් ඉහළ නැංවීමට නව ක්‍රමවේද සකස් කිරීමටද මහ බැංකුව අවධානය යොමුකර තිබෙන බවයි දැනුම්දී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: