hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජූලි 19, පෙ.ව. 12:05



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබේ.

මෙලෙස මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ,2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17 දින නව මාර්ගෝපදේශයන් ලෙසයි.

මෙම නව 2025 මාර්ගෝපදේශයන් හි, 2018 වසරේ මාර්ගෝපදේශයන් හි දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් ඉවත් කර තිබේ.

ඒ අනුව 2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව, වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා 50% ක් දක්වා සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා අඩු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: