hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:04



මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසවල සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2024 වර්ෂය තුළ ජල බිල්පත්, විදුලි බිල්පත් සහ දුරකතන බිල්පත් මුදල්ද අය කරගෙන නැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ ඇතුළත් විගණන වාර්තාවේ සඳහන් වේ.

එම බිල්පත්වල සම්පුර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 15කට අධික වන අතර විදුලි බිල්පත් සඳහා රුපියල් හය ලක්ෂ තිස්හත් දහස් පන්සිය තිස් නවයක මුදලක්, ජල බිල්පත් සඳහා රුපියල් පන් ලක්ෂ අනු දහස් අටසිය හැටක මුදලක්, දුරකතන බිල්පත් සඳහා රුපියල් තුන් ලක්ෂ තුන්දහස් හයසිය තිහක මුදලක් හිඟව පැවති බව විගණන වාර්තාවේ සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: