hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 4:57



මැයි 9 වන දා ගාලු මුවදොර පැවති ‘ගෝඨාගෝගම’ අරගල භූමියට පහර දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නොතීසි නිකුත් කර තිබෙනවා.

එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් අරගලකරුවන් 5 දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කරමින් අධිකරණය එලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ද ඇතුළු පිරිසට ලබන වසරේ ජූනි 22 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.