hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:11



හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජීප් රථය පසුගියදා (11) හදිසි අනතුරකට ලක්වීම හිතාමතා සිදුකළ ක්‍රියාවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

අශෝක රන්වල මත්පැන් පානය කර රිය පැදවූ බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය හරහා පැතිර යන වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරය සඳහන් කරයි.

අවශ්‍ය නම් ඒ පිළිබඳ නීත්‍යානුකූලව සොයා බැලීමට පොලිසියට හැකි බව ද අශෝක රන්වල ද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියි.

එමෙන්ම අනතුරට පත් වූ පවුලේ සාමාජිකයන් වන දරුවා, දරුවාගේ මව සහ අනෙකුත් අයට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් මැදිහත් වෙමින් සොයා බලමින් සිටින බව ඔහු ප්‍රකාශ කරයි.

මෙම හදිසි අනතුරට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට විධිමත් ලෙස උපදෙස් ලබා දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අනතුර සිදුවූ අවස්ථාවේ මන්ත‍්‍රීවරයා මත්පැන් පානය කර සිටියාද යන්න තහවුරු කර ගැනීමට පොලිසිය විසින් Breathalyzer පරීක්‍ෂාව කළේ දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් මාධ්‍ය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු ලබා දීමට ඔහු අසමත් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: