hit counter

2025 ජූලි මස 06 වන ඉරිදා

2025 ජූලි 06, පෙ.ව. 12:15



සමහර පුහුණු ආයතනවලට සිසුන් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා යයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

වෘත්තීය පුහුණුව ලබාදෙන රජයේ ආයතන තුළ පාඨමාලාවන් රැසක් තිබෙනවා. ඒ ආයතනවලට දිවයින පුරා දරුවන් එනවා. සමහර විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිසුන් පවා ඇවිල්ලා අද මේ ආයතනයවල අධ්‍යාපනය හදාරනවා. සමහර පුහුණු ආයතනවලට සිසුන් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි හිතනවා ඒකටත් හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්දක් කියලා. කම්කරු අමාත්‍යංශය යටතේ පුහුණු ආයතන තිබෙනවා ඉදිරියේදී ඒ ආයතනත් ශක්තිමත් කරලා පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: