2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:41
නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම අනතුරින් තුවාල ලැබ රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.
සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයේ දැක්වෙයි.
අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි හිටපු ජනපතිවරයා සිය නිවේදනයෙන් ප්‍රාර්ථනා කර ඇත.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ශෝකජනක සිදුවීම අසා ඉතා කනගාටුවට පත් වූ බව සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.
“එම අනපේක්ෂිත අනතුරින් අපවත් වී වදාල දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිළිබඳව මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමි. විදෙස් භික්ෂූන් වහන්ස්ලා නියෝජනය කරනූ ලබන ඉන්දියාව, රුසියාව සහ රුමේනියාව යන රාජ්‍යන්ට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
හරිත සන්සුන් පරිසරයක අධ්‍යාත්මික අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා කමටහන් වඩමින් භාවනා කටයුතු වල නිරත වූ අපවත්වී වදාළ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ සඳහන් වේ.
2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:29
2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:35
2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 1:47
2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:42
2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 8:35
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
25-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
22-09-25
22-09-25