hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 මාර්තු 21, පෙ.ව. 10:38



ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම අනුව ශ්‍රමිකයින් ඊශ්‍රායලයට යැවීම සහ එහි ශ්‍රමිකයින්ගේ තත්ත්වය පරික්ෂා කර ගැනීමට ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළා.

මෙම සංචාරයේ දී අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ඉදිකිරීම් ක්ෂේත්‍රය භාර අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව උදා වූ බවද සඳහන් කර සිටියා.

ශ්‍රමිකයින් පිළිබඳව, ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, ශ්‍රමිකයින්ගේ වැඩ කටයුතු පිළිබඳව සාකච්ජා කර ගැනීමට හැකියාව ලැබුණු බවත් දැනට ඊශ්‍රායලය සඳහා ආරම්භ කර ඇති සාත්තු සේවිකාවන් යැවීම තවත් වේගවත් කිරීම සහ ඔවුන්ගේ වැඩපිළිවෙළ තවත් සක්‍රිය කිරීමේ කටයුතු රාශියක් එහිදී සාකච්ජා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදි කිරීම් ක්ෂේත්‍රය සදහා දැනට එක් පරීක්ෂණයක් පමණක් පවත්වා ඇති බවත් තවත් පරීක්ෂණයක් මැයි මස මුල පවත්වන බවද සඳහන් කර සිටියා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අමතරව ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ජා කොට අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්ෂේත්‍රය සඳහා පුරප්පාඩු සඳහා පුළුල් දැනුවත් කිරීමක් ලබා ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.