hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 16, ප.ව. 2:15



නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) දින දිවයිනට රැගෙන ආ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සම්බන්ධව රැදවුම් නියෝග ලබා ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

ඒ අනුව දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ බායි, සුරේෂ් සහ තක්ෂි නැමැති සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජිව ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ඉෂාර සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමට කටයුතු කරන බව පොලීසිය සදහන් කරයි.

ගම්පහ බබා සහ ජම්බුගස්මුල්ලේ බබි ඇතුළු අපරාධකරුවන්ද අත්අඩංගුවට ගත් පිරිස අතරට ඇතුළත් වන අතර ගම්පහ බබා නැමැත්තා පෑලියාගොඩ දිසා අපරාධ කොට්ඨාශයටත්, ජම්බුගස්මුල්ලේ බබී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයටත් භාරදී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: