2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:07
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන විවාහ සංඛ්‍යාව පසුගිය වසරේදී (2024) කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් හෙළිදරව් වේ. එම වාර්තාවට අනුව, 2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී විවාහ 12,066කින් අඩුවී තිබේ.
පසුගිය 2024 වසර තුළ මෙරට ලියාපදිංචි වී ඇති මුළු විවාහ සංඛ්‍යාව 139,290ක් වන අතර, 2023 වසරේදී එම සංඛ්‍යාව 151,356ක් ලෙස සටහන්ව තිබිණි. කෙසේ වෙතත්, රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි 2022 වසරේදී විවාහ 171,140ක් සහ 2021 වසරේදී විවාහ 162,628ක් ලියාපදිංචි වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව, 2023 සහ 2024 යන වසර දෙකේදීම විවාහ සංඛ්‍යාව ක්‍රමයෙන් පහත යෑමේ පැහැදිලි ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකිය.
මෙම විවාහ අඩුවීමට බලපා ඇති හේතු පිළිබඳව අදහස් දක්වන සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, රටේ පවතින ආර්ථික ගැටලු, පවුලේ වගකීම් ඉහළ යාම, තරුණ තරුණියන් උසස් අධ්‍යාපන කටයුතුවලට වැඩි කාලයක් යොමු වීම සහ විරැකියාව වැනි කරුණු ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. ඊට අමතරව, රැකියාවෙන් ලබන ආදායම පවුලක අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවීම, විවාහ වීමට ඇති කැමැත්තෙන් තරුණ ප්‍රජාව දුරස් වීම සහ විවිධ සමාජීය ගැටලු ද විවාහ ප්‍රමාද වීමට හෝ සිදු නොකිරීමට හේතු වී ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25