hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 22, ප.ව. 9:23



අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත.

ඒ අනුව හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව පැවසෙයි.