hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 11:16



මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ 2024 වසර සඳහා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි (MBA) සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.

ඒ, මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සෙල්වරත්නම් නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන්.

2022 අප්‍රේල් මාසයේදී, පැසිෆික් විශ්වවිද්‍යාලය විසින් එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී විශ්වවිද්‍යාලය ලෙස මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය තෝරාගෙන තිබුණා.

පැසිෆික් විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ ලැයිස්තුගත විශ්වවිද්‍යාලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධි අධ්‍යයන ආයතනයක්.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව අධ්‍යයන කණ්ඩායම් 11ක් ආරම්භ කර පැවැත්වීම තුලින් විශ්වවිද්‍යාලයක් ලෙස බලාපොරොත්තු වන අධ්‍යයන අපේක්ෂාවන් ඉක්මවා යාමට මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය සමත්ව තිබෙනවා.

එම ආයතනය ලොව පුරා අධ්‍යාපන ආයතන 30ක් පමණ සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇති.

තායිවානයේ පිහිටි එම විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කාර්යාලයේදී මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙල්වරත්නම් නිමල් මහතා වෙත පැසිෆික් විශ්වවිද්‍යාලයේ හොඳම සහකාරිත්වයට හිමි සම්මානය ද පසුගියදා පිරිනැමුණා.

අධ්‍යාපන ආයතනයක් ලෙස වාර්ෂිකව ළඟා කර ගනු ලැබූ ප්‍රවර්ධනය සහ පැසිෆික් විශ්වවිද්‍යාලය සමඟ දැනටත් පවත්වනු ලබන ඵලදායී සන්නිවේදනය සැලකිල්ලට ගනිමින් ඔහු වෙත මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය අජිත් කොලොන්න මහතා සහභාගී වුණා.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී විද්‍යාර්ථයින් 65 දෙනෙකු වෙත ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ප්‍රධානය කරන ලද අතර වෙනත් විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරමින් තවත් ඩිප්ලෝමාලාභීන් 60 දෙනෙකු සිය ඩිප්ලෝමා සහතික ලබා ගත්තා.

මෙරට ජාතික නවෝත්පාදන උපායමාර්ගික සංවර්ධනය සඳහා වන අධ්‍යයන හා වෘත්තීය සංවර්ධනයේ පවතින හිඩැස සපුරාලීමේ කාලීන මෙන්ම වැදගත් අවශ්‍යතාවය හඳුනා ගනිමින් ආරම්භයේ සිටම අඛණ්ඩව ඉහළම ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව අද්විතීය ඉතිහාසයක් මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය සතුව තිබෙනවා.