hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 26, පෙ.ව. 10:40



ශ්‍රී ලංකාව තුල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76 ක හිඟයක් පවතින බව අනාවරණය වී තිබෙනවා.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහා මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සාකච්ජා කිරීමට ඊයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

එහිදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුනු ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ මිලදී ගැනීම ඩොලර් නොමැතිවීම ඇති වු ගැටලූව නිසා රජයන් දෙක අතර සිදුකෙරනු සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට එකග වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියේ.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දි ගැනිම. වියදම් සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කර තිබෙනවා.

තවද දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33 හිඟ මුදල් ගෙවිමට ඇති බවද වැඩිදුරටත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වි තිබෙනවා.