hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:07



මහ නාහිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතාගේ අතේ බැන්ද පිරිත් නූල ගලවා විසි කර ඇති බවට මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළ පුවතක් වාර්තා වේ.

ඒ අනුව එහිමියන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවට පක්ෂ නොවන භික්ෂූන් වහන්සේලාට චීවරධාරීන් යැයි බැණ වදිමින් නොසෑහෙන්න නින්දා අපහාස කරන බවයි.

එසේම වර්තමාන පාලකයන් බොරු වැපිරීම නිසා රටට වස් වැදී හෙණ වැදී රටම විසාලා මහනුවරක් වී ඇති බව ද රටේ ඇත්තේ භික්ෂු නිකායන් තුනක් පමණක් බවත් රාජපක්ෂ නිකාය යැයි භික්ෂූන්ට පරිභව කරමින් බුදු දහමට නින්දා කරමින් සිටින බවද ධම්මරතන හිමියන් පැවසූ බව සඳහන්.

එමෙන්ම යුද්ධය අවසන් කොට රටේ අධිවේගී මාර්ග පද්ධතිය ගොඩනැඟූ මහින්ද රාජපක්ෂ 2014 පරාජය කොට වසර 10ක් ගතවුව ද තවමත් කඩවත සිට මීරිගමට අධිවේගී මාර්ගය තනා ගැනීමට නොහැකි වී ඇති බව ද එහිමියන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ධම්මරතන හිමි මේ අදහස් දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මිහින්තලා රාජමහා විහාරයට පැමිණි අවස්ථාවේදී බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: