hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 6:08



වත්මන් ආණ්ඩුව විසින් මෙරට මුහුදු සීමාව පමණක් නොව රටේ ජනතාවගේ අවයව මෙන්ම නූපන් දරුවනුත් විකුණා අවසන් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් පවසයි.

රටේ ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව විගණනයක් සහ විනයක් නොමැතිකම බව අනුරාධපුර ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

භික්ෂුව ඇතුළු ආගමික නායකයින්  පරපෝෂිත කණ්ඩායමක් බැවින් එම ජනතාවට කෘතගුණ සැලකීම වෙනුවෙන් සියලුම ආගමික නායකයින් පෙනී සිටිය යුතු බව ද නායක හිමියන් පවසයි.

නායක හිමියන් මේ බව කියා සිටියේ මිහින්තලයේ ශ්‍රී රතනසාර දහම් පාසලේ දරු දැරියන් වෙනුවෙන් පාසල් බෑග් ලබා දීමේ අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමිනි.

මෙම පාසල් බෑග් ලබාදීම සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි සමාජ සේවිකාවක් වන අනිෂ්කා රන්ජීව ද සිල්වා මහත්මිය විසින් අනුග්‍රහක දායකත්වය ලබා දී තිබූ අතර මේ සඳහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ දහයකි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කරන බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ සිදුකළද මෙරට පවතිනුයේ කාර්යක්ෂම ගුවන් සේවාවන් වෙනුවට පැය ගණන් සංචාරකයින් රස්තියාදු කරන ගුවන් සේවාවක් බවත් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස වර්තමානයේ කටයුතු කරනුයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති සමයේ සිට නොකඩවා අමාත්‍ය ධූරයන්  දරන පුද්ගලයකු බවත් මෙම පුද්ගලයින් මෙම තනතුරුවලට සුදුසු නොමැති බවත් නායක හිමියන් පවසයි.

රාජ්‍ය සේවකයින් කිසිදු ඇගයීමකට ලක් නොවන පිරිසක් බවට පත්ව ඇති බවත් රට තුළ පවතින ඉහළ ආර්ථික ක්‍රමය හේතුවෙන් හිරුසියලු ශ්‍රේෂ්ඨ වල ඉහළ නිලධාරීන් රට හැරදා යමින් පවතින අතර අක්‍රිය මිනිසුන් පිරිසක් පමණක් රට තුල ඉතිරි වන බවත් නායක හිමියන් පවසයි.

රාජ්‍ය ත්‍රාන්ත්‍රික සාකච්ඡා පිළිබඳව  ජනතාව දැන ගනු ලබන්නේ නායකයින් රටේ සම්පත් විකුණන විට බවත් මේ වනවිට මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ඉන්දියාවේ ධීවරයින්ට බලපත්‍ර ලබාදීමට කටයුතු කර ඇති අතර නායකයින් විසින් රටේ ජනතාවගේ අවයව මෙන්ම නූපන් දරුවත්  විකුණා අවසන් බවත් නායක හිමියන් පවසයි . 

දේශපාලන පක්ෂයක් සඳහා ස්වාමීන් වහන්සේලා පන්සිය නමක් පුහුණු කර ඇති බවත් කොළඹ මර්මස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරිමට අයි එස් ත්‍රස්තවාදී සැලස්මක් පවතින බවට රාජ්‍ය බුද්ධි අංශ මගින් දැනුම් දී තිබෙන අතර මේ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව හා මෙහි සත්‍යතාවය පිළිබඳව පාලකයින් විසින් රටට හෙළි කළ යුතු බවත් නායක හිමියන් පවසයි .

වත්මන් දූෂිත පාලනය පලවා හැරීම සඳහා මේ වන විට පෙළගැසෙමින් සිටින බවත් ඒ සදහා එලඹෙන 14 දා ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී  මහ සමුළුවක් පවත්වන බවත් නායක හිමියන් පවසයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: