hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 15, ප.ව. 5:03



මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කියුයි ෂෙන්හොන්ග් Qi Zhenhong මහතා ඇතුළු නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනමේ පෑලියගොඩ පිහිටි මූලස්ථානයට අද (15) පැමිණි අතර පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මුණගැසිණ.

තානාපති නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති චින – ශ්‍රී ලංකා සහයෝගීතා අධ්‍යයන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළේය.

පාත්ෆයින්ඩර් පදනම චීන සමූහාණ්ඩුවේ දේශපාලන සංවිධාන, එරට බුද්ධි මණ්ඩල හා විශ්ව විද්‍යාල පර්යේෂණ අංශ සමග පවත්වන සබ`දතාවලට වසර දොලහක් සම්පූර් ණ වී තිබේ.

චීන ශ්‍රී ලංකා සහයෝගීතාව තරකරන අතර සමාජ ආර් ථික සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර ජනතාව දැනුම්වත් කරන ආකාරය මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණ.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර් නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය