2023 ඔක්‍තෝබර් 28, ප.ව. 9:10
සේවා කාලය නිල වශයෙන් අවසන් කර නැවත මෙරටට පැමිණි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරු හමුවූ අතර එහි දි මහනාහිමිවරු මොරගොඩ මහතා ඉටු කළ සේවාව අගය කළ අතර ආශීර්වාද පිරි නමා තිබෙනවා.
නවදිල්ලි මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ කාලවකවානුවේ සකස් කරන ලද ලිපි අලලා සකස් කළ අශෝක වදන කෘතිය ද මෙහි දී මොරගොඩ මහතා මහ නායක හිමිපාණන්වහන්සේලා වෙත පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ සාකච්ඡාවට ලක් විය යුතු දේශපාලන, ආර්ථීක සහ සමාජ විද්‍යාත්මක අංශවලවල ඉන්දියානු අත්දැකීම් ශ්‍රී ලාංකිකයන්ට ඉදිරිපත් කිරීම මෙම කෘතියේ අරමුණ වුණා.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ සහ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමිපාණන් වහන්සේලා මුණ ගැසුණු අතර ද්වී පාර්ශවයිකව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධව පැහැදිලි කිරීමක් ද කළා.
නියංගොඩ විජිත සිරි, වෙඩරුවේ ශ්‍රී උපාලි, ආනමඩුවේ ධම්මදස්සි, මැදගම් ධම්මානන්ද සහ ගොඩගම මංගල යන අනුනායක හිමිපාණන් වහන්සේලා ද මොරගොඩ මහතා මුණ ගැසුණු අතර ආශීර්වාද ලබාගත්තා.
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
2025 මාර්තු 14, පෙ.ව. 12:05
2025 මාර්තු 14, පෙ.ව. 12:00