2026 ජනවාරි 21, ප.ව. 3:44
අද (21) සිට මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය ධාවනයට යෙදෙන රියදුරන් හඳුනා ගැනීම සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කිරීම සඳහා ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ සේවාව (Mobile Lab) ආරම්භ කර ඇත.
මෙම සේවාව නිල වශයෙන් කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොල අංගනයේදී ආරම්භ කෙරිණි. ජංගම රසායනාගාරය මගින් දැනට මත්ද්‍රව්‍ය වර්ග 4ක් පිළිබඳ වාර්තා විනාඩි 2–3 ක කාලයකින් ලබාගත හැකි අතර, ඉදිරියේදී මත්ද්‍රව්‍ය 12ක් හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා වේ.
රියදුරන්, මගී ජීවිත, පදිකයින් සහ දේපළ ආරක්ෂා කිරීමේ අරමුණින්, රජය ආරම්භ කළ මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ එක් ප්රමුඛ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වේ.
මෙම පරීක්ෂණ සේවාව ජාතික ගමනාගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය එකගව ක්‍රියාත්මක කරයි.
2026 ජනවාරි 21, ප.ව. 4:32
2026 ජනවාරි 21, ප.ව. 2:03
2026 ජනවාරි 21, ප.ව. 2:01
2026 ජනවාරි 21, ප.ව. 12:07
2026 ජනවාරි 21, පෙ.ව. 11:55
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26