hit counter

2025 ජනවාරි මස 05 වන ඉරිදා

2025 ජනවාරි 04, පෙ.ව. 12:06



වකුගඩු රෝගීන් සදහා ලබාදෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට දන්වමින් පුවත් පත්පත සදහන් වූ වාර්ථාව සම්පූර්ණ අසත්‍ය වාර්තාවක් බව ග්‍රාමීය සංර්වධනල සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය පවසයි.

ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ රජය මගින් ක්‍රියාත්මක කරන සවිබලගැන්වීමේ වැඩසටහන් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලින් කිරීමක් මේ දිනවල සිදු කරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් අහිමි කිරීමක් සිදු නොවන බවයි.

දැනටමත් රජය මගින් විශ්‍රාමික දීමනාව රුපියල් 3000/= වැඩිකර ඇති අතර, අස්වැසුම 7500/= දීමනව 10000/= දක්වාත්, 15,000/= දීමනාව 17,500/= දක්වාත් ඉහල දමා ඇත. ගොවීන්ගේ පොහොර සහනාධාරය 15,000/= සිට 25,000/= ඉහල දමා ඇත.

දිළිදු පවුල් වල පාසල් ළමුන් සදහ පාසල් උපකරන මිලදී ගැනීම සදහා රුපියල් 6,000/= ක දීමනාවක් ලබා දීම, ධීවරයින් සදහා සහනාධාරය ඉහල දැමීම වැනි සමාජ සවිබල ගැන්වීමේ ව්‍යපෘති රැසක් රජය ක්‍රියාත්මක කර අවසන්ය.

වකුගඩු රෝගීන්ගේ දීමනාව 7500/= සිට 10000/= දක්වා වැඩිකිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

ආබාද සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් හතලිස් හත් දහස් දෙසිය හතලිස් හතරක් (47,244) ලංකාවේ සිටින බව වාර්තාවුවත් එම සංඛ්‍යාව ඊට වඩා වැඩිවිය යුතු බව විශ්වාස කරන බවත් නිවේදනටේ දැක්වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: