hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 8:24



යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම වැඩපිළිවෙළ යටතේ හෙට (19) ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත් විය.

පසුව ඇති වූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,000ක් ද විනාශයට පත් විය.

එම හානි තක්සේරු කර ඇති අතර මේ හේතුවෙන් වගා හානි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදුවන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: