hit counter

2025 සැප්‍තැම්‍බර් මස 14 වන ඉරිදා

2025 ජූනි 29, පෙ.ව. 12:21



මේ කියන්න යන්නේ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශේෂ වුණු තවත් එක ආරංචියක්.

මේ දිනවල ආදායම් බදු දෙපාර්තමේන්තුව ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් 2023 සහ 2024 වර්ෂවල දී අදාළ ගිණුම් පවතින රාජ්‍ය බැංකුවලට, තමන්ගේ ගිණුම්වලින් කපා ගන්නා ලද අත්තිකාරම් ආදායම් බද්ධ නැවත ගිණුම් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවීමට රජය නියෝග කර ඇත.

කරුණු මෙසේ තිබියදී එම මුදල් ලබාගැනීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකුවලින් කපා ගත් තොරතුරු ලිඛිතව ලබාගෙන අදාළ ඉල්ලුම් පත් පිරවීමට යෑමේදී බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කපා ගන්නා බදු මුදල කාර්තුව අනුව වර්ගකොට වසර සඳහන් කර ගණනය කර සටහන් කිරීම ඇතුළු අසන ලද වෙනත් තොරතුරු අදාළ ඉල්ලීම් පතේ සටන් කිරීමට නොහැකිව අනවබෝධයෙන් කනස්සල්ලෙන් පසු වෙන බව පවසනවා.

අදාළ වසරවල පොලී මත අඩු කරනා ලද අත්තිකාරම් ආදායම් බදු මුදල මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමි බැංකු දන්නා බවත්, එක් එක් ගිණුම් හිමියාගෙන් වාර්ෂිකව කපාගත් මුදල ආදායම් බදු දෙපාර්තමේන්තුවද දන්නා බවයි ඔවුන් බොහෝ දෙනකු පවසන්නේ.

කරුණු මෙසේ පවසන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බලධාරීන්ට පෙන්වා දෙන්නේ මෙයට අදාළ බැංකුත්, ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ව එම වසර දෙක තුළදී ගිණුම් හිමියන්ගෙන් කපාගත් මුදල ගණනය කර අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට නැවත බැර කෙරෙනා ලෙසටයි.

විශ්‍රාම ගොස් විවිධ අපහසුතා මැද සැඳෑ සමය ගත කරනා ඔවුන් නැවත කබලෙන් ළිපට ඇදලා නොදමන ලෙසටයි මෙම ගිණුම් හිමි ජ්‍යේෂ්ඨ පුරවැසියන් මුදල් අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: