hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:05



පසුගිය 2025 සැප්තැම්බර් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 6,178 සිට ඩොලර් මිලියන 6,243ක් දක්වා 1.1%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වන රන් සංචිතය 2025 සැප්තැම්බර් මාසය තුළදී 11.9% ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

2025 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 52ක් ලෙසින් වාර්තා වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිතයේ වටිනාකම 2025 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 58ක් දක්වා ඉහළ ගොස් ඇත.

2025 ආරම්භ වන විට මහ බැංකුව සතුව පැවති රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 40ක් ලෙසින් වාර්තා වු අතර මෙම වසරේ මුල් මාස 09 තුළදී මහ බැංකුව සතු රන් සංචිතයේ 45%ක වර්ධනයක් වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: